සමාජ මාධ්‍යය බලපෑම

සයිබර් අවකාශයට විප්ලවකාරීත්වය ගෙනඑන සමාජ මාධ්‍යයේ බලපෑම තොරතුරු යුගයේ තෘතියික අවධියක පසුවන මිනිසා නිරන්තරයෙන් තොරතුරු දැනගැනීමේ පිපාසයෙන් සන්නිවේදනයේ යෙදේ. මිනිසාගේ ආරම්භයත් සමග පැවත එන සන්නිවේදන අවශ්‍යතාවය මානවයාගේ පරිණාමයත් සමග යාවත්කාලීන වී, පරිණත දියුණු විද්‍යාත්මක පසුබිමක් සහිතව මොහොතින් මොහොත වෙනස් වන ජාත්‍යන්තර විෂය ක්ෂේත්‍රයක් බවට පත් වී ඇත. ලොව සිදු වූ තාක්ෂණික විපර්යාසයන් සමගින් සියවස් ගණනාවක සිට මිනිසා විසින් දැරූ සන්නිවේදන උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් නවමාධ්‍ය බිහිවීම එතෙක් පැවති සන්නිවේදන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් විය. Robert Logon ගේ Understanding New Media කෘතියට අනුව නවමාධ්‍යය යනු අන්තර් ක්‍රියාකාරීත්වය, ද්විපාර්ශවීය සන්නිවේදනය හා ගණනය කිරීම් වලින් සමන්විත ඩිජිටල් මාධ්‍යය වේ. තවදුරටත් නවමාධ්‍යය යන්න ජංගම දුරකතන, පරිගණක, සයිබර් අවකාශය, පරිගණක ක්‍රීඩා, පරිගණක පණගැන්වීම් (Computer Animation ) හා සමාජ මාධ්‍ය වලින් සැදුම්ලත් සමූහය ලෙස ද අරුත් ගැන්විය හැකිය. මෙසේ පැහැදිලි කරන කළ නවමාධ්‍යය යන්න සයිබර් අවකාශය හෙවත් අන්තර්ජාලය ඔස්සේ සිදුවන Many to man...